ආඬිගම ගොවිපළ

කුරුණෑගල දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත : වයඹ පළාත
  • දිස්ත්‍රික්කය: කුරුණෑගල
  • කොළඹට දුර : 74.2 km

විමසීම්

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි වේ. අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනය : ආණ්ඩිගම ගොවිපළ, දඹදෙණිය

  • දුරකථනය : +94 773 782 165

  • ෆැක්ස් : :+94 372 285 434

  • විද්‍යුත් තැපෑල : andigamafarm@gmail.com

  • වෙබ් : www.nldb.gov.lk

ආඬිගම ගොවිපළ

ආඬිගම ගොවිපළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය නගරයේ පිහිටා ඇති අතර සහ දඹදෙණිය නගරයේ සිට කිලෝමීටර 8ක් දුරින් පිහිටා ඇත. ස්ටර්ලින් සමාගමක් වන Ceylon Tea Plantations සමාගම විසින් කළමනාකරණය කරන ලද ආඬිගම වතුයාය ලෙස කලින් හැඳින්වූ ආඬිගම ගොවිපළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ රජයට පවරාගෙන තිබුණි. ඉන්පසුව ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් දේපළ කළමනාකරණය කරන ලද අතර 1976 දී එය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී.

පස සහ දේශගුණය

මෙම කලාපවල පස හොඳින් පෝෂිත වූ ලැටරයිට් පස සමග ජලාපවහන ආශ්‍රිත රතු කහ පොඩ්සොලික් පස් ලෙස වර්ගීකරණය කර ඇත. වර්ෂාපතනය වැඩි වීමත් සමඟ ආම්ලිකතාවය වැඩි වීමට ප්‍රවණතාවක් ඇති බැවින් මෙම පසෙහි ආම්ලික බව මධ්‍යස්ථ ප්‍රමාණයේ සිට උපරිම පරාසය අතර වෙනස් වේ. කාබනික ද්‍රව්‍ය සහ නයිට්‍රජන් තත්ත්‍වය ද මධ්‍යම මට්ටමේ සිට අවම මටිටම අතර වෙනස් වේ . මෙම පසෙහි පොස්පරස් සහ පොටෑසියම් තත්ත්වය සාමාන්‍යයෙන් අඩු වන අතර පොටෑෂ් ෆෙල්ඩ්ස්පාර් බහුල මව් පාෂාණවල පොටෑසියම් තත්ත්වය තරමක් යහපත් වේ. මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙය වැවිලි භෝග වලට බරපතල ලෙස බලපාන්නේ නැත. පළතුරු වතු බෝග සහ එළවළු සඳහා මෙම මූලද්‍රව්‍ය ඩොලමයිට් හුණුගල් ආකාරයෙන් යෙදීම අවශ්‍ය වේ. මෙම පසෙහි ඇති හොඳ කැටායන හුවමාරු හැකියාව නිසා මෙම කලාපයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්ව යටතේ වුවද රසායනික පොහොර ඉතා හොදින් රඳවා ගැනීමට හැකි වේ.